මෙහිදී එම ආයතනවල පවතින වර්තමාන තත්වයත්, එහි නිපදවනු ලබන කිරි ආශ්‍රිත නිෂ්පාදන වල වෙළඳපොල තත්වය හා මේ වන විට ආයතන තුල පත්ව ඇති මුල්‍ය හිඟය මෙන්ම එම ආයතන මඟින් දේශීය ජනතාව වෙත පරිභෝජනය සඳහා නිපදවනු ලබන කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇති අනාගත වැඩපිළිවෙලවල් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් සිල්වා යන මහත්වරුන් සහ ඉහත ආයතන වල සභාපතිවරුන් සහ ප්‍රධාන නිලධාරින්ද සහභාගී වී සිටියේය.