අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවේ දී ය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යයභාරය සහ ඉදිරි දැක්ම පිළිබද සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. එහිදී ආයතනයෙහි භෞතික සංවර්ධනය, එක් එක් අංශ වලින් සිදුකරන කාර්යය භාරයන්, වගකීමෙන් යුතු තහවුරු කරන ලද පුවත් සෑම මාධ්‍යයක් වෙතම ප්‍රථමයෙන් ලබාදීමේ ක්‍රියාවලිය සහ එහි ස්වරූපයන්, ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂිත නව වැඩපිළිවෙලවල්, සහ ආයතනයෙහි සමස්ත දියුණුවට අදාළ නව යෝජනා ආදිය සංක්ෂිප්ත අයුරින් ගොනුකර තිබිණි.
මෙම ඉදිරිපත්කිරීම අවසානයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සිය අදහස ඉදිරිපත් කළ අතර එහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යයභාරය අතිශය අගයකිරීමට ලක්කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම ආයතනය ජනතාවගේ මතවාදය වෙනස් කළ හැකි ආයතනය වන බවත්, සාම්ප්‍රදානුකූලත්වය බැහැර කළ රාජ්‍ය අංශය තුළ කලාතුරකින් දැකිය හැකි ක්‍රියාදාමයක් මෙතුළ පවතින අතර බාධා මගහරිමින් පෞද්ගලික අංශය සමග හරි හරියට තරග කිරීමේ හැකියාවක්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පවතින බවත් ය.
රටෙහි වගකිව යුතු ආයතනයක් වශයෙන් මෙහි ආයතන නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී ජ්‍යෙෂ්ඨත්වය පමණක් සැලකිල්ලට නොගෙන කාර්යය සාධනය පිළිබද සළකමින් උසස්වීම් ලබාදිය යුතු අතර, එහිදී නූතනත්වයද එකතු කරගැනීම ඉතා වැදගත් බව ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම වගකිවයුතු කාර්යයන් රැසක් සිදුකරමින් මෙතුවක් පැමිණි ගමන තුළ ජ්‍යෙෂ්ඨත්වය සහ නූතනත්වය එකතු කරගනිමින් ඉදිරියට යා හැකි ආයතනයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගී වි සිටියහ.