ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා එංගලන්තයේ සැන්ඩර්ස් හි කෙඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා පුහුණුව ලැබූ ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වෙමින් ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයෙකු වශයෙනුත්, සන්නද්ධ හමුදාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසත්, සේවය කරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කළ රණවිරුවෙකි. එමෙන්ම, යාපනය ආඥාපතිවරයා ලෙස යාපනය මුදවා ගැනීමේ මෙහෙයුමට ද එතුමාගෙන් ඉටු වූ සේවය සුවිශේෂී වේ.
ත්‍රිවිධ හමුදා සේවයෙන් අනතුරුව තානාපති සේවයට එක් වූ ඒ මහතා බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද කටයුතු කළ අතර, එම වකවානුවේ බ්‍රසීලයේ ජනාධිපතිවරයා විසින් ජනාධිපති සම්මාන ඒ මහතා වෙත ප්‍රදානය කර ඇත. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති වරයා ලෙස ද, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙසද, ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද වශයෙන් මෙරට අංශ ගණනාවකට සම්බන්ධ වෙමින් වරස 50 ක කීර්තිමත් රාජ්‍ය සේවයක් රට දැය වෙනුවෙන් ඉටු කර ඇති රොහාන් දළුවත්ත මහතා ඇමරිකා එක්සත් ජනපදය විසින් පිරිනමන ලද ලෙජන් ඔෆ් මෙරිට් සම්මානයත්, ජනාධිපති සම්මානයත්, රණවිරුවෙක් ලෙස විශිෂ්ඨ සේවා විභූෂණ සම්මානයත්, සේවා ඇගයීම් පදක්කම් සම්මාන රැසකිනුත් පිදුම් ලැබීමට සමත් ව තිබේ.