මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය දීමේ පෙරහුරුවක්

    අගෝස්තු 27, 2020

    පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳව පෙරහුරුවක් (25) රාත්‍රී පාර්ලිමේන්තුවේදී සිදුවිය.


    නව වැනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට පිළිවෙත් හඳුන්වාදීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවති වැඩමුළුවේ පළමු දිනය අවසානයේදී මෙම පෙරහුරුව සිදුවිය.
    ඉතා වෙහෙසකර දිනයක අවසානයේදී වුවද රාත්‍රී 7.00ට පමණ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම පෙරහුරුවට නවක මන්ත්‍රීවරු ඉතා උනන්දුවකින් සහභාගී වූහ.

    තම ඇඟිලි සටහන තබා ඉන්පසු විදුලි බොත්තමින් ඡන්දය පාවිච්චි කිරිම සිදු කල යුතු ආකාරය මෙන්ම යම් අත්වැරැද්දකින් වැරදි බොත්තමක් සළකුණු කළහොත් එය නිවැරදි කර ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන්ට අවබෝධයක් ලබා දෙන ලදී. ඉන්පසු මන්ත්‍රීවරු ප්‍රායෝගිකව ඡන්දය ලබා දෙමින් පෙරහුරුවකද නිරත වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya