කොවිඩ්19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හමුවේ මෙරට විශ්වවිද්‍යාල තුළ වාර්ෂික ව පවත්වනු ලබනඋපාධි ප්‍රදානෝත්සව නිශ්චිත දින වකවානු තුළ සිදුකිරීම පිළිබඳ අභියෝගයට සමස්තවිශ්වවිද්‍යාල පද්ධතියට ම මුහුණ දෙන්නට සිදුවූ අතර, එම අභියෝගය මුලින් මජයගනිමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් අකුරටම සුරකිමින් වසරේ ප්‍රථමඋපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීමට මොරටුව විශ්වවිද්‍යාලය කටයුතු කර තිබේ.මොරටුවවිශ්වවිද්‍යාලය විසින් මෙවර පවත්වන ලද්දේ සිය 41 වැනි උපාධි ප්‍රදානෝත්සවයයි.
වෙනත් වර්ෂවල දී උපාධි ප්‍රදානෝත්සවය සැසි වාර 4ක් යටතේ පවත්වන නමුත් මෙවර පුද්ගලදුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හේතුවෙන් සැසි වාර 6ක් යටතේඅගෝස්තු මස 24, 25 යන දෙදින තුළ කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙමඋපාධි ප්‍රදානෝත්සවය පවත්වන ලදී.
මෙමවර්ෂයේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිසුන් 1877 දෙනෙකු වෙත උපාධි හිමි වූ අතර ඊටඅමතර ව, පශ්චාත් උපාධි 380ක් ද, ආචාර්ය උපාධි 11ක් ද මෙවර පිරිනමනු ලැබිණි. විශ්වවිද්‍යාලයේසියලු ම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමජිකයන් ද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයෙහි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද මෙම කටයුත්ත වඩාත් සෞඛ්‍යාරක්ෂිත ව නවීනතාක්ෂණික ක්‍රමවේද යොදාගනිමින් පැවැත්වීමට ලබා දුන් සහයෝගය මෙහි දී උපකුලපතිවරයාගේපැසසුමට ලක්විය.
මොරටුවවිශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ.කේ.සී.කේ පෙරේරා මහතාවිසින් මේ සඳහා ලබාදුන් සහයෝගය ද වැඩබලන උපකුලපති මහාචාර්ය පී කේ එස් මහානාම මහතාවිසින් කෘතවේදී ව අගය කළේය. මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති කේ.කේ වයි.ඩබ්ලිව්පෙරේරා, ලේඛකාධිකාරී මඩවල හුලුගල්ල, BMICH අධ්‍යක්ෂ ජනරාල් සුනිල් දිසානායක යන මහත්වරුන් ද මේ සම්බන්ධයෙන් අදහස්පළ කළ අතර, කොවිඩ් අභියෝගයට මුහුණ දෙමින් වසරේ ප්‍රථම උපාධි ප්‍රධානෝත්සවය ඉතාසාර්ථකව පවත්වා ගැනීමට සහාය ලබාදුන්සියල්ලන්ට කෘතවේදීත්වය පළ කළහ.