අමාත්‍යවරයා මේ බව පැවසූයේ, ශ්‍රී ලංකාව තුළවිසිරී තිබෙන 800කට අධිකපිරිවෙන් සහ 11 000කට අධික දහම්පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ, (25) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති හමුවටඑක්වෙමිනි
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මෙරට පාසල්පද්ධතියට ලබා දෙන ප්‍රමුඛතාවෙන් සුළු ප්‍රමාණයක්වත් දැනට පිරිවෙන් සහ දහම්පාසල්සඳහා ලැබෙන්නේ නැහැ. ඒ නිසා වහා ම ඒ පිළිබඳ සියලු තොරතුරු එක් රැස් කළ යුතු යි.විශේෂයෙන් ම ඒවාට ලැබෙන පහසුකම් පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි යි.
සමහරදහම්පාසල්වල දරුවන් ඉගෙන ගන්නේ පුටුවක්වත් නොමැති ව යි. ඇතැම් පිරිවෙන් සහ විද්‍යායතනවලට, ඇතැම් පාසල්වලට පවා නොමැති පහසුකම්ලැබෙද්දී තවත් දහම්පාසලකට ඉඳගන්නට පුටුවක්පවා නොලැබීම කණගාටුවට කරුණක්. ඒ නිසා සම්පත් සම ව බෙදී යන ලෙස අවශ්‍ය වෙනස්කම්සිදු කිරීමටත්, පහසුකම් සංවර්ධනයටත්කටයුතු කළ යුතු යි. එමෙන් ම ඒ සඳහා ලබාදෙන අධ්‍යාපනය පිළිබඳ නිසි ඇගැයීමක් සහදිරිගැන්වීමක් මෙන් ම නියාමනයක් ද අවශ්‍ය යි.
සංඝරත්නයටඅවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳව ද අපගේ විශේෂ අවධානය යොමු විය යුතු යි. පිරිවෙන්සහ දහම්පාසල් අධ්‍යාපනය පිළිබඳ පසුගිය රජය විසින් නිසි සොයා බැලීමක් සිදු නොකිරීමමීට ප්‍රධාන හේතුව යි. අපි වහා ම ඒ අඩු පාඩුව නිවැරදි කළ යුතු යි. සියල්ලන්ට සම සමව පහසුකම් ලබා දී ඒවායේ නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු සැලසියයුතු යැයි ද “පැවසීය.
බෞද්ධ අධ්‍යාපනයසඳහා වෙනත් රටවල ශිෂ්‍යත්ව පිරි නැමීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වපිරි නැමීම ආදිය පිළිබඳ සොයා බැලිය යුතු බවත්, විදේශයන්හි අධ්‍යාපනය ලබන, එම රටවලපදිංචි වී සිටින ස්වාමීන්වහන්සේලාගේ සහයෝගය මේ සඳහා ලබාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මෙහි දී අදහස්දැක්වූ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා,“දැනටදහම්පාසල් ගුරුවරුන් සඳහා වර්ෂයකට රු.5000ක මුදලක් පුස්තකාලදීමනාවක් වශයෙන් ලබා දෙනවා. එය වැඩි කිරීමට ඇති හැකියාව අපි සොයා බැලිය යුතු යි.
දහම් පාසල් අධ්‍යාපනයලබන ලක්ෂ 33කට ආසන්නපිරිසට අමතර ව දහම් අධ්‍යාපනය නොලබන දරු දැරියන් ඒ කෙරෙහි යොමු කරවා ගැනීම පිළිබඳඅපි සැලකිලිමත් විය යුතු යි. පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක්සිටිය දී දහම් අධ්‍යාපනය නොලබන සිසුන් ඒ කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ යුතුයි.
එය අවම වශයෙන් ලක්ෂ 35ක්වත් කර ගැනීම අපේ ඉලක්කය විය යුතු යි.එමෙන් ම දහම්පාසල් ගුරුවරුන් සඳහා අවශ්‍ය සුදුසුකම් රාමුවක්, වැටුප් හෝදීමනා සහ පහසුකම් ලබා දීම පිළිබඳ සොයා බැලිය යුතු යැයි” පැවසී ය.මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු පිරිසක් එක් වූහ .