බඩඉරිඟු වගා කරන ගොවි සංවිධාන නියෝජිතයින්ට සහ ආයෝජකයන්ට, සිය වගාකටයුතු පවත්වා ගෙන යාමේදී බලපා ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණි.
මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා කියා සිටියේ අත්‍යාවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය හමුවේ, මහවැලි කලාප තුළ විවිධ ආහාර වර්ග වගාකිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.
මෙරට ජාතික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් 10% ක් මහවැලි කලාප තුළින් ලබා දීමට අපේක්ෂා කරන බව සිරිපාල ගම්ලත් මැතිතුමා අවධාරණය කළේය. මේ අතර මහවැලි බී කලාපයේ වැලිකන්ද, අසේලපුර, ඇල්ලේවැව, සිංහපුර, පූනානි ප්‍රදේශ වල මහ පරිමාණ ආයෝජකයන් ට, ලබා දී ඇති වගා ඉඩම් වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ සංචාරයකටද රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහභාගි විය.
මෙම අවස්ථාව ට ලංකා මහවැලි අධිකාරි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් එස් පෙරේරා මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු පී ජී ගුණපාල මහතා, මහවැලි කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහ, මහවැලි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ වසන්ති සෙනවිරත්න මහත්මිය, මහවැලි පශු සම්පත් අධ්‍යක්ෂ තමරා ප්‍රියදර්ශනී මහත්මිය, අධ්‍යක්ෂ ඉඩම් අසංක ගුණසේකර මහතා, අධ්‍යක්ෂ ඉඩම් පරිහරණ, ඉන්දිකා ජයවර්ධන මහත්මිය, මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු සුගත් වීරසිංහ මහතා, මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු නොයෙල් ජයසිරි මහතා ඇතුළු මහවැලි අධිකාරියේ නිලධාරීන් සහභාගි වී සිටියහ.