මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජික නම් පාර්ලිමේන්තුවට

    අගෝස්තු 27, 2020

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා වන යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

    ඒ අනුව එම කාරක සභාවට අදාළ සමාජිකයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, මහාචාර්ය ජි.එල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම , විමල් වීරවංශ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග , මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදීයුදීන්, රංජිත් මද්දුමබණ්ඩාර , මනෝ ගනේෂන්, එම් ඒ සමනුතිරන්,අලි සබ්රි යන් මන්ත්‍රීවරු ඇතුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙකුගෙන් මෙම කාරක සභාව සමන්විත වේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන, සභානායක විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රීවරු එහි සමාජිකයෝ වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya