මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි- සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට එක්වන්න- අගමැති

    අගෝස්තු 27, 2020

    2020 සැප්තැම්බර මස 01 වැනිදායින් ආරම්භ වී වසරේ අවසන් මාස 04 සඳහා රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය , බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි

     

    රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම රජය රට භාරගන්නා විට රටේ ආර්ථිකය ඉතා අවදානම් තත්වයක පැවති බවත් 2019/2020 වසර වල නොපියවූ බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 242 යි. අයවැය හිගය 9%කට වඩා වැඩි බවත් මෙම තත්වය යටතේ ආර්ථිකය ඉතා අඩාලව පැවති බව පෙන්වා දුන් අග්‍රමාත්‍යවරයා රටේ පැවති බැංකු පොළී අනුපාතිකය සහ බදු ක්‍රමය නිසා නව ආයෝජන සඳහා කිසිදු ඉඩක් නොලැබූ බව සඳහන් කළේය.

    පසුගිය රජය සමයේ සියඹලා, කහ , වෙසක්කූඩු වැනි දේ පවා ආනයනය දේශීය කර්මාන්තකරුවන් අධෛර්යට පත් වූ බවත් නව නිර්මාණ කෙරෙහි යොමුවීමට මැළිකමක් දැක් වු බවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරිම සඳහා විශාල වියදමක් දැරූ බවත් අග්‍රමාත්‍යවරයා පැවසීය.

    එහෙත් නව රජය මේ වන විටත් ආනයනය අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට පමණක් සීමා කළ බවත් විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇකි බවත් කීය.

    කොවිඩ් වසංගතය හමුවේ මුළු ලෝකයම අර්බුදයට පත් ව ඇති අවස්ථාවකය ලංකාව ඊට සාර්ථකව මුහුණු දුන් බව අගමැතිවරයා කීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශීය ව්‍යාපාරිකයා මූලික කරගත් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ බවත් රටේ සෑම ජනතාවටම ජීවත්වීමේ අයිතිය සුරැකීමට මේ ඔස්සේ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට එක්වන්නැයි අගමැතිවරයා ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya