මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    රටේ ප්‍රබුද්ධ අනාගතයක් සඳහා ජනාධිපතිවරායාගේ වැඩපිළිවෙළට සහය ලබා දිය යුතුයි- මෛත්‍රිපාල සිරිසේන

    අගෝස්තු 27, 2020

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ සංවර්ධනය සඳහා ඉදිරි මාස 04 තුළ මෙම වැඩපිළිවෙළ ඉතා වැදගත් වන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද(27) පාර්ලිමේන්තුවේ පැවති අතුරු සම්මත ගිණුම පිළිබඳව විවාදයට එක්වෙමිණි.

    මේ වන විට රාජ්‍ය සේවය ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩපිළි‍වෙළ යටතේ තවත් උපාධිධාරින් බඳවා ගනිමින් සහ රාජ්‍ය සේවයේ සුළු සේවකයන් ලක්ෂයකට රැකියා ලබා දීමට පියවර ගෙන ඇත. මොවුන් රටේ සංවර්ධනයේ ප්‍රධාන බලකාය බවද ඒ මහතා පැවසීය.

    සෞඛ්‍ය අංශ, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ, අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් විශාල වශයෙන් කැපකිරීම් සිදු කරමින් තම සේවය ඉටු කරන බවද ඒ මහතා කීය.

    තවද රටේ පළාත් සභා 09ම මේ වන විටත් අකර්මණ්‍ය වී ඇති බවත් රාජ්‍ය සේවයේ විශාල පිරිසක් නියෝජනය වන පළාත් සභා වල කාර්යක්ෂමතාව පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙහි රජයේ කාර්යක්ෂමතාව පිළිබඳ ඇතුළත් වි ඇති බවත් රටේ ප්‍රබුද්ධ අනාගතයක් සඳහා ජනාධිපතිවරායාගේ මෙම වැඩපිළිවෙළට සහය ලබා දිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya