මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් පත් කිරීමට අනුමැතිය

    අගෝස්තු 27, 2020

    ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත ක්ළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  රමේෂ් පතිරණ මහතා පැවසීය.


    ජීවන වියදම් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍යවරයා, වෙළඳ අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා,ධීවර අමාත්‍යවරයා,වැවිලි  අමාත්‍යවරය කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කරතිබේ.

    එසේම මෙම අනුකාරක සභාවේ කටයුතු සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය ලබාගැනීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    ආර්ථික පුනර්ජීවනය සඳහා සරල,විනිවිදභාවයකින් හා කාර්යක්ෂම බදු ක්‍රමවේදයක් හඳුන්වා දීම උදෙසා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඒ යටතේ,මුදල් අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරන අග්‍රාමාත්‍යවරයා විසින් පනත හතරක් 2009 අංක 9 දරණ ජාතිය ගොඩ නැගීමේ බදු පනත, 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු  පනත,2011 අංක 18 දරණ වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු පනත.2018 අංක 35 දරණ මුදල් පනත සං‍ශෝධනය කිරිමට අවශය කරන කෙටුම්පත් ඉදිරිපත් කළ අතර එය ගැසට් මඟින් සිදු  කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

    2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතත්,2002 අංක 17 දරණ එකතු කළ අගය මත බදු පනත්වලට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

    ව්‍යාවාසයකයන්ට තමන්ගේ ව්‍යාපාර යළි නඟා සිටු විමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආකරයේ බදු ප්‍රතිපත්තියකට රජය යා යුතු බව අමාත්‍ය මණ්ඩලය තින්දු වු බව අද පැවැත් කැබිනට් තීරණ  දැනුම් දිමේ මාධ්‍ය හමුයවට එක් වු බලශක්ති ඇමති හා සම කැබිනට් ඇමති උදය ගම්මන්පිල මහතා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya