මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නගරයේ වාහන තදබදය වැළක්වීමට ගුවන් පාලම් තුනක්

    අගෝස්තු 27, 2020

    රටේ හදවත බඳු කොළඹ නගරයේ වාහන තදබදය වැළක්වීමට ගුවන් පාලම් තුනක් ඉදිකිරීමට මහා මාර්ග ඇමතිගෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

    රටේ හදවත බඳු කොළඹ නගරය මැද පැය කිහිපයක වාහන තදබදයක් ඇති කරන ස්ථානයක් බවට කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසල හඳුනාගෙන තිබෙන බවත්, මහා මාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඊට විසඳුමක් ලෙස ඉදිරිපත් කරන ලද කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසල තිබෙන උත්තරානන්ද මාවතෙහි මීටර 720ක දිගින් යුතු සහ විනිසුරු අක්බර් මාවතෙහි මීටර 350ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරිම සඳහා වූ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.


    ඒ අනුව, කොම්පඥඥවිදිය දුම්රිය ස්ථානය අසල පවතින තදබදය වැළක්වීම සඳහා ගුවන් පාලම් ඉදි කර එක් දිශාවකට ගමන් කරන රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක
    කිරීම මෙහි අරමුණ වී ඇති බවත්, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ යටතේ ගුවන් පාලම් ඉදිකිරීම් පිණිස සුදුසුකම් ලබන දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙතින් ලංසු කැඳවීමටත් අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya