සංචාරක කර්මාන්තය යනු ආර්ථිකයට වැදගත්කමක් ලබා දුන් විෂයක් බවත් නමුත් පාස්කු ප්‍රහාරය සහ ඉන්පසු ඇති වූ කොවිඩ් වසංගත තත්වය නිසා බොහෝ දෙනෙක්ගේ රැකියා අහිමි වී ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් නොයෙක් ගැටලු වලට මුහුණ දීමට සිදු වූ බවත් සංචාරක අමාත්‍යවරයා පැවසීය.
ක්ෂේත්‍ර යේ නියැළි සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට 4% සහණ පොළිය යටතේ ණය මුදලක් ලබා දීම සහ බදු සහණ ලබා දීමට රජය කටයුතු කල බවත් විදුලි සහ ජල බිල් පත් ගෙවීම් සඳහා විශේෂ සහණ කාලයක් ලබා දීමටත් කටයුතු කළ බවත් අමාත්‍යවරයා කීය
අධිකාරියේ ලියාපදිංචි වූ සංචාරක මගපෙන්වන් සහ කුලී රථ රියැදුරන් 1830 දෙනෙකුට රුපියල් 20,000 බැගින් සහ රු 15,000 බැගින් වූ දීමනාවක් ලබා දීමටද රජය කටයුතු කර තිබේ.
මෙසේ රජය මගින් ලබා දිය හැකි උපරිම සහණ ලබා දෙමින් සංචාරක ක්ෂේත්‍රයේ නියැලූවන් ආරක්ෂා කිරීමට කටයුතු කර තිබේ.
ඉදිරියේදී සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ ස්ථාන සංවර්ධනය කිරීමට සහ පළාත් සභාවන් සමග කටයුතු කරමින් නව සංචාරක ස්ථාන හඳුනා ගැනීමින් දියුණු කිරිමට, සංචාරක ගම්මාන ඇති කිරීමට මෙන්ම තරුණ තරුණියන් මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ කරගනිමින් ඔවුන්ව පුහුණු කිරීමට කටයුතු කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය
රටට විනකරණ 19 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කර රටට ගැලපෙනව ව්‍යවස්ථාවක් ගෙනා යුතු බවත් භියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ රටක් මහජනතාවට අද ලබා දී ඇති බවත් අමාත්‍යවරයා තම කතාවේදී අවධාරණය කළේය