මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    පොදු ප්‍රවාහන පහසුකම්, කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය සඳහා වහන ගෙන්වීමට තහනමක් නෑ

    අගෝස්තු 27, 2020

    සුඛෝපභෝගී වාහන ගෙන්වීම හැරෙන්නට පොදු ප්‍රවාහන පහසුකම් සැළසීමට අයත්, කර්මාන්ත කටයුතු සඳහා මෙන්ම කෘෂි කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන ගෙන්වීම සඳහා කිසිඳු තහනමක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේ අද( 27) පැවති රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් නැගූ පැණයට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

    එමෙන්ම මෙම වාහන සඳහා මෙරට නිෂ්පාදනය නොකරන අමතර කොටස් ගෙන ඒම සඳහා කිසිඳු තහනමක් නොමැති බවත්, මේ සඳහා පසුගිය මාස කිහිපයේදීත් වර්තමානයේදීත් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම අඟහරුවාදා දිනකම කමිටුවක් රැස් වන අතර වාහන ආනයනකරුවන්ට එම කමිටුවට කමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
    ඒ අනුව එම ස්ථානයේදීම අදාළ වාහන ආනයනකරුවන්ට විසඳුම් ලැබෙන බවද රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya