මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    වසර 36කට පසු ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රථම වරට අනුග්‍රහනයක් තමන්ට ලබාදුන්නේ වත්මන් රජයයි- සුපිරි ධාවන ශූර ඩිලන්ත මාලගමුව

    අගෝස්තු 27, 2020

    වසර 36ක් පුරා තම ක්‍රීඩා ජීවිතය තුළ කිසිදු රජයකින් තරගාවලියක් වෙනුවෙන් තමන්ට අනුග්‍රහනයක් නොලැබුණු බවත් වත්මන් රජය තමන් වෙත පලමු වරට අනුග්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබීම සතුටට කරුණක් බවත් එය අගය කරන බවත් සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා පවසයි.

    අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය අමතමින් ඩිලන්ත මාලගමුව මහතා මේ බව පැවසීය.

    ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලියට සහභාගි විම සඳහා සංචාරක අමාත්‍යාංශයේ පුර්ණ අනුග්‍රහය ලැබෙන බව කී මාලගමුව මහතා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට හා සියලු දෙනාට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වන බව කීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, වරින් වර පත් වු රජයත්ට තමාගේ ක්‍රිඩාව සඳහා අනුග්‍රහය දක්වන ලෙසින් ඉල්ලා සිටිය ද කිසිදු විටෙක අනුග්‍රහයක් නෙලැබුණු බව ද සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya