මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව තුළ සාමය කඩවන ප්‍රකාශ නොකළ යුතුයි- රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර

    අගෝස්තු 27, 2020

    පාර්ලිමේන්තුව තුළ සාමය කඩවන ප්‍රකාශ , සිංහල දෙමළ ජනතාව අතර ගැටුම් ඇති වන ප්‍රකාශ හෝ දෙමළ තරුණයන් උසිගන්වන ප්‍රකාශ සිදු නොකළ යුතු බවත් එවැනි ප්‍රකාශ  සිදුකරන්නන්ගේ නිරුවත රටට හෙළි කර දිය යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේ පැවති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයට එක්වෙමින් අදහස් දක්වමිණි.

     

    මෙවැනි ප්‍රකාශ නිසා නැවත මෙරට තුළ යුද්ධයක් ඇති වුවහොත් අතුරු සම්මත මුදල මෙන් දහස් ගුණයක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට සිදු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා  දුන්නේය.

    ලංකා රජයට, සිංහල භාෂාවට, බුද්ධ ධර්මයට මෙම විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා අපහාස කරන බවත් රටේ ඉතිහාසය ගැන දැන දැනත් ස්වයංපාලනය ගැන මෙවැනි ප්‍රකාශ සිදු නොකළ යුතු බවද  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. යාපනය රෝහලේ ලේ හිඟයක් ඇති වූ විට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවන් බවද අමාත්‍යවරයා කිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya