මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි කාලයේ දී ක්‍රීඩා ක්ෂේත්‍රය නැවතත් නඟා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක්

    අගෝස්තු 27, 2020

    බලපෑමට ලක් වූ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ඉදිරි කාලසීමාව තුළ නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    කොවිඩ් - 19 වෛරසය ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමග ලොව අන් රටවල් මෙන්ම අප රට තුළ ද ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් විය. .

    කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් වූ බවත්, පාසල් ක්‍රීඩාව නැවත නැංවීම, අන්තර් පාසල් ක්‍රීඩා තරඟාවලි පැවැත්වීම, සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රීඩා උපකරණ භාවිතය සහ ඉදිරි කාල සීමාව තුල මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම සදහා අනුගමනය කළ යුතු සාධක පිළිබද සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසීය.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පෙන්වා දෙන ලද්දේ නිරෝධායන නීතීරිති වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුව සියළු කටයුතු සිදු විය යුතු බවත්, කිසිදු හේතුවක් මත නොයෙකුත් ආසාත්මිකතා සහ සංකූලතා ඇති පාසල් ළමුන් ඇතුලු ක්‍රීඩකයින් ක්‍රිඩාව සදහා යොදා නොගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කොට චක්‍ර ලේඛයක් නිකුත් කිරීමේ වැදගත්කම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. අවසර ලබාදිය හැකි ක්‍රීඩා තරඟ ඇතුලු පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් ඉදිරි සතියක කාලසීමාව ඇතුලත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළියෙළ කොට ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමටත් මෙහිදී තීරණය කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීදරන් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් මහතා, අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya