මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    වැඩි කාලයක් යෑමට පෙර රටේ ආර්ථිකය නිසි මඟට පැමිණෙනවා- ජනතා සිහින සැබෑ කරනවා- රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

    අගෝස්තු 27, 2020

    වැඩි කාලයක් යෑමට පෙර රටේ ආර්ථිකය නිසි මඟට පැමිණෙන බවත් රටේ යහපත වෙනුවෙන් සෞභ්‍යයේ දැක්ම ඉෂ්ට කරන බවත් රටේ ජනතාවගේ සිහින සැබෑ කරන්නට කටයුතු කරන බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළඳ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ් රාල් මහතා පවසයි.

    අද (27) පාර්ලිමේන්තුවේ දී පරිපූරක ඇස්තමේන්තු විවාදයේ අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පසුගිය කාලයේ යුද්ධයක් තියෙනකොට දැවැන්ත අභියෝග එනකොට අපේ රජයට අභොයෝග වලට මුහුණ දෙන්න බැරිවෙයි කියලා හිතුවා. එය වැරදුණා. කොවිඩ්19 විශිෂ්ඨ ලෙස පාලනය වුණා. අපේ රටේ ආර්ථිකය දිගින් දිගටම සංවර්ධනයේ මාවතට ගෙන යන බව සඳහන් කරන්න කැමතියි.අපිට වගකීමක් තිබෙනවා ලෝකයට කියන්න රටට කියන්න මෙම අභියෝග සමනය කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා.

    අපගේ ආර්ථිකය මේ වසරේ විතරයි කඩ වැටුණේ කිව්වා.2006 සිට 2014 දක්වා කාලය අපේ රටේ ආර්ථික වේගය සාමාන්‍යයක් ලෙස සියයට 6.4ක් තිබුණා. ඊළඟ අවුරුදු පහ තුළදී 3.7%කට  අඩු වුණා. 2019 වසරේ දී 2.3%කට අඩුම අගයට පත් වුණා. ඒක පුද්ගල ආදායම අඩු වුණා. යහපාලන ආණ්ඩුවේ දී ආර්ථිකය කඩා වැටුණා.

    ණය බව ගැන විවිධ මත කතා කරලා තිබෙනවා.ඉදිරි කාලයේ ඒවා ගැන තර්ක කරද්දි පොඩ්ඩක් මතක තබා ගන්න මම වසර 9ක් මහබැංකුවේ අධිපත් වී සිටියා. පසුගිය කලයේ ණයබරතාව වැඩිවෙනවා දැක්කා. 2016 දී බිලියන 9478ට වැෆි වුණා.2017 දී බිලියන 10702 දක්වා වැඩි වුණා.2018 දී බිලියන 12030 දක්ව වැඩි වුණා. 2019 දී බිලියන 13031ක්  දක්වා වැඩි වුණා.
    අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයට සපේක්ෂව ණය බරතාව සියයට 86.8% කට වැඩි වුණා.මේ ණයබරතාව වැඩි කරගත්තේ පසුගිය රජයයි. එදා සෑම පොළී අනුපතයක් ම තිබුණේ තනි  ඉලක්කමයි.ඒ දෙස බලා තමයි අපේ රටට දැවැන්ත ආයෝජනයක් ආවේ.2015 සිට පොළී අනුපාතය වැඩිකරගත්තා.බැදුම්කර වංචාවෙන් පමණක් සියයට 3%කින් වැඩිකරගත්තා.ඒ නිස ණය  ප්‍රමාණයට ගෙවිය යුතු මුදල වැඩි වුණා.රුපියලේ අගය අවප්‍රමාණය වෙනවා දැක්කා. අපිට පේනවා පසුගිය කාලයේ ආර්ථිකය කළමනාකරණය කර තිබෙන දුර්වලතාවය. රුපියලේ අගය අව ප්‍රමණය වීම නිසා පසුගිය වසර පහක කාලය තුළ රුපියල් බිලියන 1772කින් ණය  ප්‍රමාණය වැඩි වුණා.

    සෑම රටක්ම කොවිඩ් අර්බුදය හේතුවෙන් මුදල් අච්චු ගසනවා.2015 සිට 2019 දක්වා මාස 2ක් හැරෙන්නට මහබැංකුව හරහා ලබාගෙන තිබෙන මුදල බිලියන 65 සිට 210 දක්වා මුදල් අච්චු  ගහලා තිබුණා.එම රජය අවශ්‍යතවයට වඩා මහබැංකුව හරහා භාණ්ඩාගර බිල්පත් ලබාගෙන තිබෙනවා.

    එදා වැඩි කළ විදේශ සංචිත කිසි අවස්ථාවක ඉක්මවා යන්න හැකි වුණේ නෑ.2019 දී ඩොලර් බිලියන 7.6ක් පමණයි තිබුණේ.එයින් පෙනනවා මුදල් සංචිතය කාබාසිනිය කර තිබෙන්නේ කවුද  කියලා.

    නැවත මුදල් ගෙන ඒමට කටයුතු කරනවා. අලුත් යෝජනා හරහා මුදල් මේ රටට ගෙන ඒමට කටයුතු කරනවා. ආර්ථිකය කඩා වැටෙනවා කියන සතුටට බුක්ති විදින්නට හැකි වන්නේ නෑ.

    වසර 5කට පස්සේ අපනයනය තිබෙන්නේ එදා තිබුණු මට්ටමටමයි.කොවිඩ් වසංගතය නිසා ක්ෂේත්‍රවල අය ආරක්ෂා කරගෙන ගමනක් යෑම සිදු කර තිබෙනවා.අපේ රට ජාත්‍යන්තර  වර්ගීකාරණය අඩු වෙලා තිබෙනවා.

    පලමු වරට දැක්කා,සියලුම අමාත්‍යාංශවලට පැහැදිළි ලෙස වගකීම් පවරා තිබෙනවා. වැඩි කලක් යන්නට පෙර ආර්ථිකය නිසි මඟට පැමිණෙනවා. අපේ රටේ සියලු අංග කාර්යක්ෂම කටයුතු  කිරීම නිස ආර්ථිකය වර්ධනය වෙනවා. රටේ යහපත වෙනුවෙන් සෞභ්‍යයේ දැක්ම ඉෂ්ට කරනවා. රටේ ජනතාවගේ සිහින සැබෑ කරන්නට කටයුතු කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya