මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් රාජකාරි ආරම්භ කරයි

    අගෝස්තු 28, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙක් වන මාධව දේවසුරේන්ද්‍ර මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කළේ ය.

     

    මාතර රාහුල විද්‍යාලයේ සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යකු වන දේවසුරේන්ද්‍ර මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙකි. රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව හා කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිදාරියෙකු වන ඔහු ලෝක බැංකුව ඇතුලු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයෙහි අත්දැකීම් ලද්දෙකි.

    මීට පෙර කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි රාජ්‍ය ලේකම්දූරය ඉසිලූ ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දශක තුනක අත්දැකීම් ඇති ජේෂ්ඨ නිළධාරියෙකි. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ලෙසද කලක් කටයුතු කර ඇත.

    රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වූ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ජී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම්වරුන් වන ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ හා ඒ. එච්. සුනිල් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya