මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    එක යෝජනාවකින් අමාත්‍යාංශයක සම්පූර්ණ ගමන් මග වෙනස් විය හැකියි-රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක

    අගෝස්තු 28, 2020

    සියලු අමාත්‍යාංශයන්හී ඉදිරි සංවර්ධන සැලැස්ම මසක් තුළ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු ඇතැයිද, ඒ සඳහා සියලුම සේවකයන්ගේ අදහස් හා යෝජනා අවධානයට ගන්නා බවද, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.

    තම අමාත්‍යාංශයේ ඉදිරි දිශානතිය වෙනස් කල හැකි සාධණීය යෝජනා සියලු දෙනාට ලබා දිය හැකි බවත්, අත්දැකීම් හා පළපුරුද්ද මත ලබා දෙන ඵලදායි යෝජනා ක්‍රියාවට නංවන බවත්, චානක මහතා පවසයි.

    මෙහිදී නිළධාරියාගේ තනතුර, ශ්‍රේණිය හෝ උගත්කම අදාළ යෝජනා බවත් යෝජනා ඵලදායි නම් එය ප්‍රමාණවත් බවද හෙතෙම පැවසීය.

    සිය අමාත්‍යාංශයේ සියලු නිළාධාරීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ය.

    ජනාධිපතිතුමා මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී කිසිවෙකුටවත් කාර්‍යභාරය සහ වගකීමෙන් මග හැරිය නොහැකි ලෙස විෂය පතයන් සහ වැය ශීර්ශ නිවැරදිව ලබා දී තිබෙනවා. අවශ්‍ය කාර්යමණ්ඩලයද නොඅඩුව සපුරා තිබෙනවා. ලැබෙන වගකීම නිසි අයුරින් ඉටු කළ නොහැකි වීම තමාගේ දුර්වලකම විනා ක්‍රමයේ වැරැද්දැක් හෝ නායකත්වයේ අඩුවක් නොවන බවත්, අමාත්‍යාංශයට අයත් සියලු නිළධාරීන් සාමූහිකව අපේක්ෂිත ඉලක්ක කරා යා යුතුව ඇති බව චානක මහතා පෙන්වා දුන්නේය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැනි කැබිනට් අමාත්‍යවරයෙකු ලැබීම තමාගේ භාග්‍යක් බවත් එය තම සේවයට පහසුවක් බවද පැවසීය. ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෞභාග්‍යමත් රටක් කරා ගමන් කිරීමේදී තම අමාත්‍යාංශය ප්‍රමුඛව කටයුතු කරන බවද ඔහු පැවසීය.

    රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, වැය ශීර්ෂ සහ විෂය පතය මෙවර පැහැදිළිව ලබා දී ඇත. මසකට වරක් සියලු රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා මුණ ගැසේ. පවතින ගැටලු නිරාකරණය කරගනිමින් කඩිනම් සංවර්ධනයක් කරා අමාත්‍යාංශය මෙහෙය වීමට අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි.
    මෙහිදී සංචාරක අමාත්‍යාංශයේ ජී හෙට්ටිආරච්චි, ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුද අදහස් ප්‍රකාශ කලේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya