සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය (28) පෙරවරුවේදී ආරම්භ වූ අතර එම විවාදයට එක්වෙමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් වත්මන් ආණ්ඩුව තුළ පවතින බවත් අහරින් රට ස්වයංපෝෂිත කිරීම සහ මෙරටින් විදේශ කරා යන අධික මුදල් නැවැත්වීමේ අභියෝගය රජය ජය ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
උද්ගත වූ වසංගත තත්වය හමුවේ අමෙරිකාව වැනි ලෝකයේ බලවත්ම ආර්ථික පවතින රටවල් මේ වන විටත් අර්බුදකාරී තත්වකට පත්ව ඇති බවත් ජපානය වැනි රටවල් නව ආර්ථික ක්‍රම උත්සාහ කරමින් අත්හදා බලන බවත් අමාත්‍යවරයා කීය. කොවිඩ් වසංගතය හමුවේ මුළු ලෝකයම අඩපණ වූ අතර මැතිවරණය පවා අර්බුදකාරී තත්වයකට පත් වූ බවත් එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ වැඩපිළිවෙළ යටතේ ලෝකයේ අනෙක් රටවල් රාශියක් මුහුණු දුන් ආර්ථික පසුබෑමට මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවත් පෙන්වා දුන්නේය. බැංකු වලට ගෙවීමට තිබූ ණය , පොළී , සංචාරක සේවයට , කර්මාන්තවලට ගෙවීමට තිබූ ණය ගෙවීම් කල් දමමින්, රට වසා තැබීමෙන් පසු වුවද එදිනෙදා ජනජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය සහණ ලබා දෙමින් ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව නගා සිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කළා.
ජනතාවට ගෙදර සිටියදී පවා දීමනා ගෙවීමට හාම් පුතුන් සමග ත්‍රෛපාර්ශවීය ගිවිසුම් ඇති කරමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට පවා ලබා දිය හැකි උපරිම සහණ ලබා දුන්නා.විදේශවල සිරවී සිටි28,000 පමණ දෙනා නැවත මෙරට ගෙන්වීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා කීය.
යම් කිසි සහනයක් ක්‍රියාත්මක නොවේ නම් ඒ සඳහා අභියාචනා කිරිමට පවා ජනතාවට හැකියාව ලබා දුන් බවද අමාත්‍යවරයා කිය
පෙබරවාරි මාසයේදී හිග බිල්පත් ගෙවීම සඳහා විශේෂ මුදල් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට විපක්ෂය එකඟ නොවීම නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කොන්ත්‍රාත්කරුවන්, ඉදිකරන්නන්, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සඳහා පසුගිය රජය ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා බරපතල ආර්ථික කඩාවැටීමකට ලක් වීමට ඉඩ තිබූ බවත් ඒ වෙනුවෙන් ඉල්ලූ මුදල් ලබා ගැනීමට විපක්ෂය ඉඩ නොදු බවත් මෙම මුදල් නොගෙවා රට අඩපණ කිරීමට විපක්ෂය උත්සාහ දැරූ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කීය.