ඉකුත් දා සමස්ත දිවයිනේ පැය 08 කට අධික කාලයක් විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියකු නැගූ පැණයට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.
2030 වර්ෂයේදී අවශ්‍ය වන සම්පූර්ණ විදුලිබලය ගිගාවොට් පැය 30 000 ක් පමණ බව බවත්, මේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් එය සම්පූර්ණ කරගන්නේ කෙසෙද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කොට ඇති බවත්, විදුලිබල ඉලක්කය සම්පූර්ණ කරගන්නේ නම් එයට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න එම කමිටුව මගින් සොයා ලබන බවත්, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය