ඉදිරි මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන දින විවාදය අද පෙරවරුවේදී ආරම්භ වූ අතර එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආර්ථික සංවර්ධනයට වඩාත්ම අවශ්‍ය වන්නේ ආයෝජනය බවත් ආයෝජනයන්ගෙන් තොර ආර්ථික සංවර්ධනයක් කෙරෙහි සිතන්නට පවා නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කීය.
වසරකට අපොස උසස් පෙළ සමත් වන සිසුන් 184,000 න් විශ්ව විද්‍යාලයට යා හැක්කේ සිසුන් 33,000 පමණක් බවත් විශ්ව විද්‍යාලයන්හි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා මෙසේ සිදුවන බවද පැවසූ අමාත්‍යවරයා මේ වසරේ සිට විශ්වවිද්‍යාලයන්ට බඳවා ගන්නා සිසුන් 15,000 දක්වා වැඩි කිරීමට සහ නව විශ්ව විද්‍යාල 10ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද අමාත්‍යවරයා කීය.
තරුණ පිරිස සංවර්ධනය කිරීම සඳහා වෘත්තිමය අධ්‍යාපනය නගා සිටුවිය යුතු බවත් මෙවැනි ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමින් තරුණ පරම්පරාවට මේ සඳහා විසඳුම් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා කීය.
මෙරට සහජ සම්පත වූ මානව සම්පත නගා සිටුවීමට ජනාධිපතිවරයා සතු දූරදර්ශී වැඩපිළිවෙළක් පවතින බවත් මෙම පැහැදිළි ජනමතය විපක්ෂය පිළිගෙන සියලු දෙනාම එක්ව රටට අවශ්‍ය වැඩපිළිවෙළක් සඳහා සහය දිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.