එහි සඳහන විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කල වෙළඳපල මිලකට මෙරට තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.
ඉහත පරිදි සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කල වෙළඳපල මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාල බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.