මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් පිළිබඳ සමීක්ෂණයක්- ගැටලුවලට අවශ්‍ය විසදුම්

    අගෝස්තු 29, 2020

    ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ශ්‍රි ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තය හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන ස්වර්ණාභරණ ශිල්පින්,ස්වර්ණාභරණ  නිෂ්පාදකයන් සහ ස්වර්ණාභරණ අලෙවිකරුවන් පිළිබඳ සමීක්ෂණයක් සිදු කෙරේ.

    ලංකාවේ සියලුම ශ්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ශ්‍රි ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තය හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන ස්වර්ණාභරණ ශිල්පින්,ස්වර්ණාභරණ නිෂ්පාදකයන්  සහ ස්වර්ණාභරණ අලෙවිකරුවන් තම ග්‍රාම නිලධාරින්ගේ සමීක්ෂණ පත්‍රිකා ලබාගෙන ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සමඟ 2020/09/15 වන දිනට හෝ ඊට පෙර ජාතික මැණික් හා  ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති හෝ ප්‍රධාන විධායන නිලධාරි වරයා වෙත ලැබෙන පරිදි ජාතික ව්‍යාවසායකත්ව සංවර්ධන නිලධාරි වෙත ලබා දිමට කටයුතු කරන ලෙස එම අධිකාරිය  ඉල්ලා සිටියි.

    මෙම සමික්ෂණ පත්‍රිකා https://tinyuri.com/y8gctoup වෙබ් අඩවියෙන් බාගත හැකිය.

    එසේම මේ වන විටත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකරායේ ස්වරණාභරණ නිෂ්පාදකයෙක් ලෙසින් ලියාපදිංචි වි හැඳුනුම්පතක් ලබා තිබුණ ද එම අය ද මේ සහා ලියාපදිංචි විය යුතු බව  අධිකාරිය දන්වා සිටියි.

    වැඩි විස්තර අධ්‍යක්ෂ (මානව සම්පත් හා පරිපාලන) ප්‍රදීප් තේනුවර මහතා 071-1838533 /0112-336552 අමතන්න.

    ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය හා ශ්‍රි ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තය හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන ස්වර්ණාභරණ ශිල්පින්,ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ  ස්වර්ණාභරණ අලෙවිකරුවන් නඟා සිටුවීමේ අරමුණින් ඔවුන් විධිමත් පරිදි ලියාපදිංචිය සිදු කොට ඔවුන්ගේ ගැටලු වලට අවශ්‍ය විසදුම් ලබා දිමට ජනාධිපති ගෝඨාභය රජාපක්ෂ මහතා ගේ  සෞභාගයේ දැක්ම යටතේ යෝජනා යටතේ මෙය ක්‍රියාත්මක කරන බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya