මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කය තුළ පවතින සියලු පුරන් කුඹුරු A ,B, C වශයෙන් කොටස් තුනක් යටතට ගැනේ. A වර්ගයේ පුරන් කුඹුරු වශයෙන් වී වගා කළ හැකි මෙතෙක් වගාවට යොදාගෙන නොමැති වගාව සඳහා යොදා ගත හැකි ඉඩම් හඳුනාගෙන ඇත. එම වර්ගයේ කුඹුරු ඉඩම් ගාල්ල දිස්ත්‍රික්කය තුළ අක්කර 9351 වන අතර ඉලක්කය වන 1882 ක ප්‍රමාණය අබිබවා යමින් 2020 යල කන්නයේ එබඳු පුරන් කුඹුරු අක්කර 4225ක් වගා කර තිබේ.
B වර්ගයේ පුරන් කුඹුරු වශයෙන් වී වගාවට යොදා ගත නොහැකි ඉඩම් අර්ධ වාර්ෂික බෝග වගාවන් සඳහා යොදා ගැනීමට නිර්දේශ කර තිබෙන අතර මෙම වර්ගයේ කුඹුරු අක්කර 3396ක් හඳුනා ගෙන ඇති අතර අක්කර 351 ක් 2020 යල කන්නයේ වගා කර ඇත. නමුත් මෙම B වර්ගයේ පුරන් කුඹුරක් වුවද වගා කළ හැකි බව පසුව හඳුනා ගත හොත් එය වී වගාව සඳහා යොදා ගන්නා බව ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් මෙම අවස්තාවට එක්වෙමින් පැවසීය.
C කාණ්ඩය යටතේ දීර්ඝ කාලයක් තිස්සේ වගා නොකළ නැවත වී වගා කළ නොහැකි ඉඩම් තාක්ෂණික වාර්තාවක් කැඳවා ගොඩ ඉඩම් වශයෙන් නම් කරමින් බහු වාර්ෂික බෝග වගා සඳහා යොදා ගැනීමට අදහස් කෙරෙන අතර මෙම ඉඩම් කහ සහ ඉඟුරු වගාවන් දිරි ගැන්වීමට යොදා ගැනීමට හැකියාව පවතී වෙනත් ඕනෑම බහු වාර්ෂික භෝගයක් මෙම ඉඩම් තුළ වගා කිරීමේ හැකියාව පවතී.
මෙහිදී අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ මෙය දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් බවත් මෙම සියලු වගාවන් සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකසා දී යටිතල පහසුකම් දියුණු කිරිම සියලු රාජ්‍ය ආයතන නිලධාරින්ගේ වගකීම බවය.
DMU/Galle