මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජාතික වාරි පද්ධතිය පිළිබදව මහජන පැමිණිලි, යෝජනා, පුවත්පත් හා මාධ්‍ය වාර්තා පිළිබදව කඩිනම් පියවර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්..

    අගෝස්තු 29, 2020

    ජාතික ආර්ථිකයට මෙන්ම කෘෂිකර්මාන්තයටද සෘජුවම බලපාන ජාතික වාරි පද්ධතියට අදාල ගංගා, ඇලදොළ, වැව්, ජලාශ ආදී වාරි ජල ක්ෂේත්‍රයට සම්බන්ධව මහජන පැමිණිලි යෝජනා හා මාධ්‍ය වාර්තා පිළිබදව විශේෂ අවධානය යොමුකොට කඩිනම් පියවර ගැනීම සදහා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ විශේෂ අවදානය යොමුවී ඇත.

    ඒ අනූව, මේ විෂයට අදාල සියලුම පුවත්පත් ඇතුළු බහුවිධ මාධ්‍ය වාර්තා කඩිනමින් තමන්ගේ අවදානයට යොමු කරවන ලෙසත්, ඒ අනූව ලබාදෙන විසදුම් සහිත උපදෙස් අදාල රාජ්‍ය ආයතන වෙත විධිමත් ලෙස යොමුකිරීමට කටයුතු යොදන ලෙසත්, අමාත්‍යංශ මාධ්‍ය ඒකකයට උපදෙස් ලබාදී ඇත.

    තවද, මෙතෙක් නොවිසදී ඇති තම ප්‍රදේශයේ වාරි ගැටලු හා යෝජනා ගම්වැසියන්ගෙන් සෘජුවම අමාත්‍යංශය වෙත යොමුකරවා ගැනීමට සහ අදාල විසදුම් ක්‍රියාත්මක වීම පිළිබදව පසුවිපරම් වැඩපිළිවෙලක් හදුනාගැනීමට සුදුසු නිලධාරියෙකු නම්කොට, ඔවුන් වෙත වගකීම් පවරන මෙන්ද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් වාරිමාර්ග සහ මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරුන් වෙත
    උපදෙස් දී ඇත.

    මෙම ක්‍රියාවලිය තුළින් වාරිමාර්ග සහ මහවැලි ක්ෂේත්‍ර තුළ ඵලදායීතාවය ඉහල යනු ඇති බවද එය ජාතික කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම බලපාන බවද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya