මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ඉඩම් කැබලි ලක්ෂයක් තරුණ ව්‍යවසායකයින් ලක්ෂයකට ලබාදෙනවා - ඉඩම් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

    අගෝස්තු 29, 2020

    ඉඩම් කැබලි ලක්ෂයක් තරුණ ව්‍යවසායකයින් ලක්ෂයකට ලබාදෙමින් අතිගරු ජනාධිපතිතුමන් බලාපොරොත්තුවන නවෝත්පාදන ව්‍යාපෘති, නව ව්‍යවසායකයින් සමග ආර්ථික සංවර්ධනය ඉදිරි පස් අවුරුද්ද තුළ ඇතිකිරීමට  පැවරූ වගකීම කඩිනමින් ඉටු කිරීමට අප කටයුතු කරන බවත් එය ප්‍රමුඛ අරමුණ වන බවත් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ  මහතා පැවසුවේය.


    ඔහු මේ බව ප්‍රකාශ කළේ ''සෞභාග්‍යයේ දැක්ම '' තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී, ජනාධිපතිතුමන් බලාපොරොත්තු වන '';ප්‍රශස්ථ ලෙස ඉඩම් කළමනාකරණය'' කඩිනමින් , ක්‍රමවත්ව කිරීම උදෙසා ක්‍රමෝපායන් අධ්‍යනය හා සැලසුම් කිරීමට , ( අගෝස්තු 27 ), අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවත්වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වූ මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍යංශ ලේකම් ආර්.ඒ.කේ.කේ.රණවක , රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස මහතා ඇතුළු අමාත්‍යංශයට අයත් සියළු ආයතනවල ප්‍රධානීන් හා නිළධාරි මහත්ම, මහත්මීන් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya