මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා හේතුවෙන් රැකියා අහිමිවූ විගමනික ශ්‍රමිකයන්ට නැවත රැකියා ලබා ගැනීම- ජාත්‍යන්තර කම්කරු සංවිධානයට ඉල්ලීමක්

    අගෝස්තු 31, 2020

    කොරෝනා වසංගතය සමඟ රැකියා අහිමි වූ විගමනික ශ්‍රමිකයන්ට නැවත රැකියා ලබාදීමට හා ඔවුනට ආධාර ලබා ගැනීමට සහය වන ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන්, කම්කරුඅමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටී.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේමෙරට නියෝජිත සිම්රිත් සිංග් මහත්මිය සමඟ අද පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශයේ දීපැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී.

     

    ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයන් සම්බන්ධව ඇති ගැටළුකෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි. එම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, නිසි වේතන ලබාගැනීම හා වීසා ලබා ගැනීමේදී ඇති වන ගැටළු මෙන්ම රැකියා නියෝජිතයන් මඟින් විශාලමුදලක් අය කිරීම සම්බන්ධව ද අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේනියෝජිතවරියගේ අවධානයට ලක් කළේය. එහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත්සඳහන් කළේ මෙරට රැකියා නියෝජිතයන් විසින් තමන්ට දැනුම් දුන් පරිදි එලෙස විශාලමුදලක් අය කිරීමට සිදුව ඇත්තේ, එතෙර රැකියා නියෝජිතයා විසින් වැඩි මුදලක් අය කරන නිසා බවයි. එම නිසා විදේශරටවල සිටින රැකියා නියෝජිතයන් අය කරන විශාල මුදල අඩු කිරිමට, ජාත්‍යන්තර කම්කරුසංවිධානයේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද ඔහු එහිදී සඳහන් කළේ ය. එසේම වීසා ලබාගැනීමේ ක්‍රියාවලි පහසු කිරීම සඳහා ද එම සංවිධානයේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද අමාත්‍යවරයාසඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාවේ කම්කරු නීතිරීති ගෝලීය වෙනස්කම් වලට අනුව සංශෝධනය කිරීම සඳහාතමන් විසින් මේ වන විටත් පියවරගෙන ඇති බව ද ඇමතිවරයා විසින් සිම්රිත් සිංග්මහත්මියට පැහැදිළි කළේය. කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම හා කම්කරුවන් හා හාම්පුතුන්අතර, සුහදශීලී සම්බන්ධතාවයක් ගොඩනැංවීමට කම්කරු අමාත්‍යාංශය හා රජය පියවර ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා විසින් පැහැදිළි කළේය.

     

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ද මෙහිදීඅමාත්‍යවරයා විසින් ඉල්ලා සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya