මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි දිනවල වැසි වර්ධනයක්- අදත් හිරු ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින්

    අගෝස්තු 31, 2020

    දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද( 31 දින ) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිරසහ සබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද (31) දින දහවල් 12:10ට  කරදික්කුලි, කප්පචිචි, නේරියකුලම, පුනෑව, පන්දිග්ගම, අඹගස්වැව, කන්නියාල් සහ උප්පුවේලි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya