මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අතේ මුදලට නැනෝ වතුර ෆිල්ටරයක්- රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    අගෝස්තු 31, 2020

    දංකොටුවේ ලෙස්ලි සේනානායක මහතා විසින් නිෂ්පාදනය කරනු ලබන ටෙරාකොටා ජල පෙරහනය පිළිබද කරුණු විමසීමක් ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් සිදු කළේ ය.

    අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව පසුගියදා ලෙස්ලි සේනානායක මහතා අමාත්‍යාංශයට පැමිණියේය.

    මෙම වතුර ෆිල්ටරය මගින් නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යවශ්‍ය පිරිසිදු නැවුම් ස්වභාවික සිසිල් ජලය ලබා ගත හැකි බව ලෙස්ලි සේනානායක මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ නැනෝ
    තාක්ෂණ පීඨාධිපති ජේෂ්ඨ මහාචාර්ය ක්‍ග්ගභග ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදුකරනු ලබයි.


    මේ කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අමාත්‍යවරයා ඉදිරියේ දී මෙම ජල පෙරහනය එහි ධාරිතාවය වැඩිකොට මහජනතාවට දැරිය හැකි මුදලට දේශීය වෙළඳපොලට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම තම අමාත්‍යාංශය හරහා ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya