මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    සුළු පරිමාණයේ සිට විද්‍යාත්මක පදනම දක්වා නව නිපැයුම් රාශියක් කොරෝනා වසංගතය පැවති සමයේ මෙරට දරු පරපුර නිර්මාණය කළා

    අගෝස්තු 31, 2020

    සුළු පරිමාණයේ සිට විද්‍යාත්මක පදනම දක්වා යන නව නිපැයුම් රාශියක් පසුගිය කොරෝනා වසංගතය පැවති සමයේ මෙරට දරු පරපුර විසින් නිර්මාණය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද( 31) කොළඹදී පැවසීය.

    අදක්ෂ යැයි කිව හැකි දරුවන් නොමැති බව පැවසූ අමාත්‍යවරයා එම දරුවන් කුමන හෝ ක්ෂේත්‍රයකට දක්ෂ බවද කීය. විවිධ ක්ෂේත්‍රයන්ගේ සැඟවුණු දක්ෂතා ඇති දරුවන් රාශියක් සිටින බවත්, දක්ෂතාවයට නිසි තැන ලැබීමේ අඩුවක් පවතින බවද අමාත්‍යවරයා පැවසීය. කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙකු වූ ඩිල්ෂාන් අබේවර්ධන සිසුවා නිර්මාණය කළ පපු තෙරපුම් යන්ත්‍රය හෙවත් MCPR යන්ත්‍රය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කොරෝනා හෝ වෙනත් රෝගයක් හේතුවනේ අකර්මණ්‍ය වූ හදවතක් පැයක් වැනි කාලයක් තුළ නැවත පණ ගැන්වීමට මෙම යන්ත්‍රයට හැකියාව ඇතැයි ඩිල්ෂාන් අබේවර්ධන මහතා පැවසීය. රෝගීන් ප්‍රවාහනය කරන ඇම්බියුලන්ස් යන්ත්‍ර , හදිසි අනතුරු අංශ ඇතුළු ඕනෑම ස්ථානයක මෙම යන්ත්‍රය පහසුවෙන් සවි කිරීමේ හැකියාව ඇත. මෙම යන්ත්‍රය නිෂ්පාදනය සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 3ක් වැනි මුදලක් වන අතර යුරෝපයේ ඇති මෙම යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 25 -45 ත් අතර වේ.

    හදිසි අනතුරකින් මිය ගිය අයගේ අවයව බද්ධ කිරීම් වලදී මෙම යන්ත්‍රය සවි කිරීම් තුළින් පැය 16ක් වැනි කාලයක් තුළ එම මියගිය පුද්ගලයාගේ අවයව සජීවීව පවත්වා ගත හැකි බවද මෙම සිසුවා පැහැදිළි කළේය.
    ඔහුට මෙම යන්ත්‍රය නිර්මාණය සඳහා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය වර්තමාන වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහයද ලැබී තිබේ.

    මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරු එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya