මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    දුෂ්කර ගම්මාන සදහා කුඩා පාලම් 4,000 ක්

    සැප්තැම්බර් 01, 2020

    ඉතා දුෂ්කර ගම්මානවල ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දියුණු කරලීම හා ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීම පිණිස වැල්පාලම් හා ඒ දඩු පාලම් සදහා කුඩා පාලම් 4,000 ක් ඉදිකිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


    මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ (31) දින පැවති සාකච්ජාවකදී රාජ්‍ය
    අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
    ඉතා දුෂ්කර පළාත් වල ජීවත් වන ජනතාව සිය ආර්ථික භෝග නිෂ්පාදනය කොට ඒවා නිසි වේලාවට වෙළෙදපොලට රැගෙන යාමට නොහැකි වීමෙන් ආහාර නාස්තිය මෙන්ම ඒ සදහා නිසි මිලක් ලබා ගත නොහැකි වීමෙන් විශාල අපහසුතාවයකට පත්ව සිටිනවා. මෙම තත්ත්වය වලක්වාලමින් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීම හා දෛනික කටයුතු පහසු කරලීමේ අරමුණ ඇතිව මෙම කුඩා පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කර තිබෙනවා. ඉතා කෙටිකාලයක් තුළ අවම පිරිවැයක් යටතේ ඉංජිනේරුවන්ගේ තත්ත්ව සහතිකයන් යටතේ මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

    ග්‍රාමීය පරිසරයේ ඇති සුන්දරත්වය අත්විදීමට දෙස් හා විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් ඇලුම් කරනවා. නමුත් ගමනාගමනයට ඇති බාධාවන් හේතුවෙන් සංචාරකයින් ඒ සදහා පෙළඹීමට මැලිකමක් දක්වනවා. මෙම බාධාවන් දුරු කරමින් පරිසරයට හානි නොවන අයුරින් මෙම කුඩා පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් සංචාරක කර්මාන්තය ද දියුණු කරලීමට අවස්ථාව උදාවන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ස්ථාන හදුනා ගැනීමට හා ඒ සදහා තොරතුරු ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමය සහ අදාළ පළාත් පාලන ආයතන වල සහභාගිත්වය ඇතිව සිදු කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.දායාරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya