මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මිහිතලය රැකගැනීම සදහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා - වනජීවී ඇමති ආර්. එම්. සී. බී. රත්නායක

    සැප්තැම්බර් 01, 2020

    තමා හට තනතුරු තානාන්තර ලොකු නැති බවත් ඊට වඩා මාතෘ භූමිය, තමා වෙත ලබාදී ඇති අමාත්‍යංශය සහ මිහිතලය තමාට ලොකු බවත් මිහිතලය රැකගැනීම සදහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් වනජීවී ඇමති ආර්. එම්. සී. බී. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

    ආනවිලුන්දාව අභයභූමිය අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධව විමර්ශනය කිරීමට නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් පසුගිය 29 වනදා ඔහු මේ බව පැවසුවේය.

    පසුගිය 25 වනදා රාත්‍රියෙහි ආනවිලුන්දාව රක්ෂිතයේ කඩොලාන පරිසර පද්ධතිය තුළ හෙක්ටයාර 0.6976 ක ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් කරඇති අතර මෙලෙස එම කඩොලාන පද්ධතිය විනාශ කරමින් ඉස්සන් (කොටුවක්) වගාවක් ඇතිකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතාට වාර්තා වී ඇත. ඒ අනූව අදාල අංශ වෙත උපදෙස් දෙමින් මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙසත්, අදාල ක්‍රියාව සම්බන්ධ පුද්ගලයන් පිළිබදව විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත් දැනුම් දී තිබිණි.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රැම්සා සම්මුතිය 2015 වසරේ අවසන් වූ පසු එහි තෙත් කලාපයේ කඩොලාන ශාක ඉදිකිරීම සදහා කටයුතු කරමින් සිටි අවස්ථාවක නව රජය බලයට පත්වීමත් සමග නීතිය අතට ගත් සමහරු ඒ සදහා ක්‍රියාත්මක වී ඇති බවයි.

    එමෙන්ම ඔවුන්ට දඩුවම් ලබාදීම සදහා කිසිම අවස්ථාවක තමා පැකිලුනේ නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. අද මෙම නිරීක්ෂණ චාරිකාව පැමිණියේ මෙම කාරණය පිළිබද විශේෂ සමීක්ෂණයක් සිදුකිරීමට බවත් එහිදී සංවේදී කාරණයක් වශයෙන් රම්සා ව්‍යාපෘතියෙහි කාරණය සම්බන්ධව කමිටුවක් පත්කිරීමට සූදානම් බවත්, එම කමිටුවේ වාර්තාව සති 02ක් ඇතුළත ලබාගැනීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

    මේ වන විට වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇති අතර මේ පිළිබදව කමිටු වාර්තාව ලබාගෙන පැහැදිලි ස්ථාවර වැඩපිළිවෙලකට යාමටත්, කඩොලාන ශාක ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බවද පැවසුවේය.

    අමාත්‍යංශ ලේකම්තුමන්, දිසාපතිතුමන්, නියෝජ්‍ය පොලිස්පතිතුමන් සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමන් යන හතරදෙනාගෙන් සැදුම්ලත් කමිටුවක් සාදා කමිටුවේ වාර්තාව රටට කීමට බලාපොරොත්තු වන බවද වනජීවී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya