අමාත්‍යධූරය භාරගැනීමෙන් පසු සහභාගීවූ පළමු බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාව ලෙස මහර බන්ධනාගාරයේ ඉදිකළ ටෙනිස් ක්‍රීඩාපිටිය විවෘත කිරීමට (30) දින එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනිය සදහන් කළේ වැරදි සමාජගතවීම ඉතා සීග්‍රයෙන් සිදුවුවත් කරන හොද හෝ යහපත් වැඩ සමාජයට යන්නේ ඉතා මන්දගාමීව බවත්, බන්ධනාගාර නිලධාරීන් අමාරු රාජකාරි අභියෝග මැද්දෙ සිදුකළද ඒ තුළ හොදට වඩා නරක ප්‍රතිචාර ලැබෙන බවත්, මාධ්‍ය හරහාද ඇතැම් වැරදි ප්‍රචාරයන් සිදුවුවත් බන්ධනාගාර නිලධාරීන් ලොකු කැපකිරීමකින් කටයුතු කිරීම සතුටට කරුනක් මෙන්ම අගය කළයුතු කාරණයක් වන බවත්ය.
මහර බන්ධනාගාරයේ ටෙනිස් ක්‍රීඩා පිටියක් විවෘත කිරීම, නිලධාරීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, සේවයේ නියුතු සහ විශ්‍රාම ගිය නිලධාරීන්ගේ සේවය ඇගයීමට කටයුතු කිරීම මෙහිදී සිදුවූ අතර, මහර බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමටද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එක්වූවාය.