හදවත් රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් සදහා යොදා ගනු ලබන Defibrillator 02 ක් සහ Multipara monitor 04 ක් මෙම පරිත්‍යාගය අතර වූ අතර, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එම පරිත්‍යාගය නිල වශයෙන් බාරදෙන ලදි.
කොළඹ ජාතික රෝහල විසින් සිදු කරනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණින් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ පරිත්‍යාගය සිදු කළ බව පී.එච්.ඩී වෛද්‍ය තිලක මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.කේ කුමාර වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියහ.