දිවයිනේ ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් වල බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.
උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. (02) දින දහවල් 12:09ට මදුරන්කුලිය, තල්ගස්වැව, හුණුගල්ලෑව, මනම්පිටිය සහ කල්කුඩා ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.