මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවගේ ජල අයිතිය තහවුරු කිරීම සදහා ජල පනතක්  

    සැප්තැම්බර් 02, 2020

    ජල මුලාශ්‍ර සුරක්ෂිත කර ගැනීමටත්, ඒවාගේ වගකීම සහ අයිතිය තහවුරු කිරීමටත්, ජල ධාරාවන් ආශ්‍රිත පෙදෙස් රක්ෂිත ප්‍රදේශ වශයෙන් නම් කර ජනතාවගේ ජල අයිතිය තහවුරු කිරීම සදහා ජල පනතක් කෙටුම්පත් කිරීම ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන අමාත්‍ය,වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය .


    ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා බත්තරමුල්ල පැලවත්තේ පිහිටි එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා
    අප රටේ ජනතාවට ජලය සපයනවා.නමුත් මේ ජලය ඉපයීමක් නැහැ. ඇත්තටම මේ වන විටත් රක්වාන ගඟේ ජලය අඩුව තිබෙන්නේ. මෙම තත්වය වෙනස් කිරීම සඳහා අප අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන තිබෙනවා .
    ඒ අනුව ලබන සැප්තැම්බර් දහ වැනිදා රක්වාන ගඟ ප්‍රදේශය ආශ්‍රිතව කුඹුක් පැළ සහ මී පැළ දෙදහස් පන්සියක් රෝපණය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.
    වන ගහනය අඩුවීම ජල මූලාශ්‍ර අඩු වීමට  හේතුවක්. කණගාටුවට කාරණය කියන්නේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ජලයට හානිදායක ශාකයන් වන පයිනස් සහ ඇකේෂියා ශාක ප්‍රවර්ධනය කර තිබීමයි. කටුපොල් වගාව තහනම් කළා සේම මෙම ෆයිනස් සහ ඇකේෂියා ශාක ගලවා විනාශ කළ යුතුයි .

    ඇතැම් පුද්ගලයන් ගංගා ඇළ දොළ වැනි ජල ධාරාවන් හරස්කර පුද්ගලික කටයුතු සඳහා විශාල ලෙස ජලය ලබා ගන්නවා. මේ නිසා ජලය ගලායෑම අඩුව තිබෙන්නේ. සැමගේ අයිතියක් වන ජල ධාරා යම්කිසි පිරිසක් පමණක්  විසින් හිතුමතේ භාවිතා කිරීම අනුමත කරන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති සකස් කිරීමත් අවශ්‍යයි.

    ඒහෙයින් ජල මූලාශ්‍ර, ප්‍රජා ජල සංවිධාන, ජලය සම්බන්ධයෙන් ඇති අයිතිය, ඒ සඳහා වන වගකීම්, ඇතුළු කරුණු කාරණා ගණනාවකින් සමන්විත ජල පනත ඉක්මනින් සම්මත කර ගැනීමට අප කටයුතු කරනවා. මෙය මුළුමනින්ම ජනතාවට ජලය සම්බන්ධයෙන් ඇති අයිතිය තහවුරු කෙරෙන පනතක්. මෙය රජය වෙනුවෙන් සකසන පනතක් නොව මහජනතාව වෙනුවෙන් සකසන එකක් .  මේ වන විට රට තුළ පවතින ප්‍රජා ජල ව්‍යාපෘතින් හී ජලය පිරිපහදු වන ක්‍රියාවලිය සිදුවන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ජලය පිරිපහදු කරන ක්‍රියාවලියක් ඒ සඳහා ඇතුළත් කළ යුතුයි. එහෙයින් ප්‍රජා ජල ව්‍යාපෘතිවලට ඇතුළත් කිරීමට පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි  ජල පිරිපහදු ක්‍රමවේදයක් ඉදිරියේදී සැකසිය යුතු වෙනවා. ජල සම්පත රැකගැනීම සඳහා වන කාරණයේදී නිසි පරිදි කටයුතු කිරීමට නම් තව ආයතන කිහිපයක් අප අමාත්‍යාංශයට ඇතුළත් විය යුතුයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජල සම්පත් මණ්ඩලය අප අමාත්‍යාංශයට ඇතුලත් කරන මෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මොකද එම මණ්ඩලය සතුව තමයි භූගත ජලය පිළිබඳව අයිතිය තිබෙන්නේ . ඒ වගේම ජල පෝෂක ප්‍රදේශ වල පවතින වන සංරක්ෂණ ප්‍රදේශ අප අමාත්‍යාංශයට ඇතුළත් වුවහොත් එය ඉදිරි කටයුතු සඳහා පහසුවක් වෙනවා. ජල සම්පාදනය අයිතිය සහ ජල සම්පාදනයේ ආරක්ෂාව සඳහා මෙම කටයුතු ඉතා වැදගත්.


    මේ වන විට මතුපිට භූමිය යම් යම් ස්ථර වලින් ආවරණය වෙලා. කොන්ක්‍රීට්, කොන්ක්‍රීට් ගල්, තාර, ගොඩනැගිලි ඇතුළු යම් යම් ඉදිකිරීම්, හේතුවෙන් වැසි ජලය පොළොවට උරා නොගෙන මහ මුහුදට ගලාගෙන යනවා. නමුත් අහසින් වැටෙන වැසි ජලය මහ පොළොවට උරා ගැනෙන ක්‍රියාවලිය අප ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මේ වන විට වාරියපොල ප්‍රදේශයේ එවැනි ආදර්ශ ව්‍යාපෘතියක්  සිදු වෙනවා. එවැනි ව්‍යාපෘති ඉදිරියේදී රටපුරා ඉදිරියේ දී රට පුරා සිදුකළ යුතුයි.

    මේ වන විට සැමට ජලය ලබා ලබාදීම සඳහා අප සිව් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සැලැස්ම යටතේ ඉදිරියේ බොහෝ ජල ගැටලු වලට විසඳුම් ලැබේවි. ඉදිරියේදීත් ජල ව්‍යාපෘති රැසක වැඩ කටයුතු නිමවීමට නියමිතයි. මේ වන විට ගම්පහ සහ කොළඹ දකුණ යන ප්‍රදේශවල ජල ගැටළුවක් මතුව තිබෙනවා.


    කැලණි ගඟ දකුන ඉවුර ව්‍යාපෘතියේ වැඩ නොබෝ දිනකින් අවසන් වූ පසු එම ගැටලුව බොහෝ දුරට අවසන් වේවි . ජලය හිඟ ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේ දී ජල බවුසර් අඩුවීම ඊට බාධාවක් වෙලා තිබෙනවා. ඒ නිසා පුද්ගලික අංශයෙන් හෝ ජල බවුසර කුලියට ගෙන ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරන මෙන් අවශ්‍ය අංශ වලට මේ වන විට උපදෙස් ලබා ලබාදී තිබෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya