අනාගත පරපුර වකුගඩු රෝගයෙන් බේරා ගැනීම සදහා ක්‍රියාත්මක වැඩසටහන යටතේ දෙබරවැව ජාතික පාසලට ප්‍රති ආශ්‍රිතිකරණ ජල පෙරණය සහිත පානීය ජල යෝජනා ක්‍රමය වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් සිසු අයිතියට පත් කෙරිණි.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණය හා ශ්‍රම දායකත්වයෙන් මෙම ජල පෙරණ පද්ධතිය ස්ථාපිත කරන ලදි. මෙම අවස්ථාවට දකුණු නාවික විධානය භාර ආඥාපති කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා හා දෙබරවැව ජාතික පාසලේ විදුහල්පති ආර්. ඒ. සමරවික්‍රම ඇතුළු ගුරුභවතුන් සහ සිසු දරු දැරියන් සහභාගි විය.