මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    හම්බන්තොට මයුරපුර ප්‍රදේශයට බලපෑ සුළිං තත්ත්වය හේතුවෙන් සාම්ප්‍රදායික රසකැවිලි කරුවන්ගේ ව්‍යාපාර ස්ථානවල්ට හානි-අමාත්‍ය චමල් රාජපක්ෂ නිරීක්ෂණයක

    සැප්තැම්බර් 02, 2020

    හම්බන්තොට මයුරපුර ප්‍රදේශයට ඊයේ (01) පස්වරුවේ අනපේක්ෂිතව බලපෑ සුළිසුලං තත්ත්වයක් නිසා එහි සාම්ප්‍රදායික රසකැවිලි කරුවන්ගේ ව්‍යාපාර ස්ථාන සියල්ලටම දැඩි හානි සිදූ බව වාර්තා වීමත් සමගම එම ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැසී තත්ත්වය පිළිබද සොයා බැලීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එම ස්ථානය නිරීක්ෂණයට සහභාගී වූයේය.

    එහිදී ඉදිකිරීම් වල ප්‍රමිතියේ අඩුපාඩු හේතුවෙන් බරපතල හානී සිදු වී ඇති බව අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර වෙළෙඳ සැල් ඉතා කඩිනමින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය සියලු පියවරයන් අප්‍රමාදව ගන්නා ලෙසට හම්බන්තොට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ටත් ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානීන්ටත් උපදෙස් ලබාදුන්නේය.

    ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය පිළිබඳව නිරන්තරයෙන් තමා දැනුවත් කරන ලෙසටත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya