මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ආපදා තත්ත්වයක්

    සැප්තැම්බර් 02, 2020

    පවත්නා අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු ආපදා තත්ත්වයක් වාර්තා වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02) නිවේදනයක් නිකුත් කරමින් සඳහන්  කරයි.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව, කන්තලේ හා කින්නියා ප්‍රදේශවලට දැඩි සුළං තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා  සඳහන් කරයි.

    මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 35කට පමණ අර්ධ හානි සිදුව ඇති අතර, මන්නාරම නගරයේ ද නිවාස 112කට පමණ අර්ධ හානි සිදුව ඇති බව ඒ මහතා පවසයි. තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් පිළිබඳව පූර්ව අනතුරු නිවේදන නිකුත් කර තිබේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සහ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට මෙම පූර්ව අනතුරු නිවේදන  නිකුත් කර තිබේ

    මීට අමතරව ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්වීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    තවදුරටත් වර්ෂාව පැවතියහොත් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලාබැසීම් ආදි අනතුරු ඇතිවිම් පිළිබඳ අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය ජනතාවට දැනුම්දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya