කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වර්තමාන මඟීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මගීන් මිලියන 06කි. වාර්ෂිකව හසුරුවන මගීන් සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. මේ අනුව ගුවන්තොටුපලේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා පුළුල් කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ සඳහා ජපන් රජය ජපන් යෙන් මිලියන 74,397ක ණය මුදලක් පිරිනමා තිබේ. ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම මේ සඳහා වැය කරන මුදල රු.මිලියන 21,645කි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් “අ” සහ “ආ” පැකේජ දෙකක් ලෙස ඉදිකිරීම් සිදුවනු ඇත. “අ” පැකේජය සඳහා වැය කෙරෙන මුදල රු.බිලියන 108ක්. වසර 3කින් එය නිම කිරීමට නියමිත බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පලමු අදියර (අ පැකේජය) යටතේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල හා සම්බන්ධ ගොඩනැගිලි , මගී පාලම්, වැසි ජල අපහරණ පද්ධතිය, උස් කරන ලද මාර්ග, විදුලි බලය, ජල සැපයුම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ
පද්ධතිය, දහන යන්ත්‍ර හා සංයුක්ත යන්ත්‍රෝපකරණ, මහල් 05කින් යුක්ත රථගාලක් ද ඉදිකෙරේ. මෙහි දෙවන අදියර යටතේ (ආ පැකේජය ) යටතේ යන්ත්‍රාංගනය, ප්‍රවේශ මාර්ගය, රැදවුම් පොකුණ, වැසි ජල අපහරණ පද්ධතිය ඉදිකෙරෙන අතර එහි සංවර්ධන කටයුතු වලින් 80% ක් පමණ මේ වන විට අවසන් කර ඇත. මේ සඳහා ඇස්තුමේන්තු කර ඇති මුදල රු.බිලියන 06කි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ මෙම ඉදිකිරීම් නියමිත ව්‍යාපෘති කාලය තුල අවසන් කිරීමට අදාල කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පූර්ණ අධීක්ෂණයක නිරතව නියමිත කාලයේදී එම ව්‍යාපෘතිය අවසන් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමට උපදෙස් දුන් බව ද ඇමතිවරයාවැඩිදුරටත් කියා සිටියි.