ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (01) එම ප්‍රදේශයට ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි.
චීනය ඇතුලු විදේශ රටවල් ගණනාවක් විසින් අප රටේ තිරිවානා පාෂාණ සම්බන්ධව පවතින්නේ ඉහළ ඉල්ලුමක් පවතින අතර මේ නිසා වැල්ලවාය කොස්ගහවෙල කොටිගංබොක්ක තිරිවානා නිධිය කැණීම් කටයුතු විදිමත්ව හා පරිසර හිතකාමීව සිදු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව සොයා බැලීම මෙම නරික්ෂණයේ අරමුණ වි තිබේ.
කොටිගංබොක්ක තිරිවානා නිධිය සුවිශේෂී වන්නේ ලෝකයේ අන් රටවල හමුවන තිරිවානා පාෂාණවලට වඩා ගුණාත්මක බවින් ඉහළ වීම හා එහි වයිරම් තුනකින් යුක්ත වීමය. කොටිගංබොක්ක තිරිවානා නිධිය යනු පොළව මට්ටමේ සිට අඩි 550ක් පොළව අභ්‍යන්තරය දක්වාත්, මීටර් 500ක් ප්‍රදේශයක් පුරා විහිදී පවතින තිරිවානා නිධීයකි. තිරිවානා පාෂාණ ආශ්‍රිත ගෘහ හා අංගන අලංකරණය කර්මාන්තය වර්තමානයේ ලොව පුරා ජනප්‍රිය වෙමින් තිබේ.
අලිකොට ආර ජලාශයේ වන රක්ෂිතය තුළ පිහිටා තිබෙන මෙම ස්වාභාවික සම්පත මෙතෙක් නිවැරදිව රටේ ආර්ථිකයට යොදා ගැනීමට පියවර නොගැනීම නිසා එම සම්පත නිකරුණේ විනාශ වෙමින් පවතින බව මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම මෙම තිරිවානා නිධිය පරිහරණයේ දී පරිසරයට, ගහ කොළට හානියක් නොවන අයුරින් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, යම් හෙයකින් ශාඛවලට කිසියම් හානියක් සිදු වුවහොත් එමෙන් දෙගුණයක ශාඛ නැවතත් රෝපණය කිරීමට කටයුතු කිරීම අනිවාර්ය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයයේ දැක්ම අනුව යමින් සෑම සංවර්ධනය කටයුත්තකදීම පරිසරයට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
පරිසරයට හානි කරමින් සිදු කරන සංවර්ධනය වත්මන් රජය විසින් පිටු දැක ඇතැයි කී අමාත්‍යවරයා කොටිගංබොක්ක තිරිවානා නිධිය ඵලදායී ලෙස ජාතික ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙස එහිදී පරිසර අමාත්‍යාංශයේ හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.