මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයා, රටේ මහජනයා ආරක්ෂා කිරීමට කටයුතු කරනවා- අධිකරණ අමාත්‍ය

    සැප්තැම්බර් 02, 2020

    සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දහසක් එනම් විසි දෙනෙක් ගෙන් එක් කෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත්, මේ තත්ත්වය ඉතා භයානක බවත් රජයක් ලෙස මෙරටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයා රටේ මහජනයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කලුතර වියන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ‍(01) පස්වරුවේ එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

    “2015 වර්ෂයේ අපේ රජය යන විට ලංකාවේ කුඩු සම්බන්ධ නඩු තිබුණේ 6600යි.මම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක පසුගියද සාකච්ඡා කළා.2016 නඩු 8000 ක් වුණා.2017 වන විට ඒ
    තත්වය 11000 ක් වෙලා.2018 වන විට 12000 ක් බවට පත් වෙලා. පසුගිය අවුරුද්දේ නඩු 16 දාහක් බවට පත් වෙලා තිබෙනවා.මේ අවුරුද්දේ මේ මාස කිහිපයට මේ දක්වා කුඩු සම්බන්ධ නඩු 13 දාහක්
    වාර්තා වෙලා තිබෙනවා.මේ තත්වයෙන් මේ රට බේරගන්න ඕන.” වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කුමන තත්වයකදී හෝ මත් ද්‍රව්‍ය නැති කිරීමට සියලු පියවර ගන්නා බවයි.


    එමෙන්ම මේ රටේ ජාතික සමඟිය ඇති කිරීමට තමා සියලු ආකාරයේ කටයුතු සිදු කරන බවද අමත්‍යවරයා පවසයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya