මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

      ගැඹුරින් සිතා බලා කළ පත්වීම් බලපෑම් හමුවේ වෙනස් කිරීමට අදහසක් නැහැ. - ජනපති කියයි

    සැප්තැම්බර් 03, 2020

    මෑතකදී ජනාධිපතිතුමා සහ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී.

    මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමිනි. එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බැව් එතුමා වැඩිදුරටත් අවධාරණය කරයි.
    එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිතුමා සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.
    පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇතැයි ජනාධිපතිතුමා අදහස් කරයි.

     

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya