ලෝකයේ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනිම සඳහා අපේ රටේ ස්වභාවික වායු ප්‍රතිපත්තියක් හා එයට අවශය නීතිමය ප්‍රතිපත්තිමය ආවරණයක් සකස් කර නොමැති බැවින් එහි පළමු පියවර ලෙස ශ්‍රි ලංකාවේ ස්වභාවික වායු පිළිබඳව කෙටුම්පත් ජාතික ප්‍රතිපත්තිය පරික්ෂා කර බලා අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරිම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව බලශක්ති කැබිනට් අමාත්‍ය හා සම කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) කැබිනට් දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දි පැවසීය.
ඒ අනුව එම කාර්යය සදහා පත් කරන ලද සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුක්ත විද්වත් කමිටුවක් විසින් සකස් කරනු ලැබ ඇති සංශෝධිත "ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්ති " අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තිරණය කරන ලදී.