මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක්

    සැප්තැම්බර් 03, 2020

    කෙසෙල් කඳ යොදා ගනිමින් නිෂ්පාදනය කරන පරසර හිතකාමී යෝගට් කෝප්පය ඇතුළු අනෙකුත් ආහාර ඇසුරුම් පෙළක් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති ‘එකෝ - මා පැකේජින් පෞද්ගලික ආයතනයේ’ සභාපති, නව නිපැයුම්කරුවකු වන මේනක ආරියරත්න මහතාට කඩිනමින් සිය නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කළ බව කර්මාන්තය අමාත්‍යාංශය පවසයි.

    මෙමගින් කෙසෙල් ගොවියාගේ අතමිට සරු කරන පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක් හඳුන්වා දීම ද සිදුවේ.

    ඒ අනුව පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කෝප්ප ඇතුළු ආහාර ඇසුරුම් පෙළක් මෙරට ජනතාව ලබා දීමටත් ඉදිරියේ දී ඒවා ශ්‍රී ලාංකේය අභිමානය සහිතව විදෙස් වෙළඳාපොළට නිකුත් කිරීමටත් හැකි වනු ඇති බවට මේනක ආරියරත්න මහතා පවසයි.

    පසුගියදා අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව සිය නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මේනක ආරියරත්න මහතා මෙසේද සඳහන් කළේය.

    “අපි මේ වන විට කෙසෙල් කඳ යොදා ගෙන ආහාර ඇසුරුම් නිෂ්පාදන පෙළක් නිෂ්පාදනය කොට තිබෙනවා. මේ සඳහා මෙරට කෙසෙල් ගොවීන් ඵලදාව නෙලා ගැනීමෙන් පසු ඉවත දමන කෙසෙල් කඳන් තමයි අපි යොදා ගන්නේ. මෙතෙක් කලක් කෙසෙල් ගොවියාගේ ‘කෙසෙල් කඳට’ මිල වටිනාකමක් ලැබුණේ නැහැ. නමුත් අපේ නව නිපැයුම් පෙළත් සමඟ කෙසෙල් කඳට මිල වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා කෙසෙල් ගොවියාට තම අස්වැන්න මත පදනම් නොවූ ආදායමක් ලැබෙනවා. එමගින් කෙසෙල් වගාව ප්‍රවර්ධනය වීමක් ද මෙමඟින් සිදුවේවි.

    අපි මේ කෙසෙල් කඳ භාවිතා කරමින් සාදන ආහාර ඇසුරුම් පෙළ කාබනික, පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළක්. මේ පරිසර හිතකාමී ආහාර ඇසුරුම් පෙළ නිසා මෙතෙක් කලක් පරිසරයට එකතු වූ විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් නතර කරන්න පුළුවන් වෙනවා. මාසයකට ප්ලාස්ටික් යෝගට් කෝප්ප ලක්ෂ 100ක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා අපට උපකල්පනය කළ හැකියි, ‘මාසයකට පරිසරයට එකතු වන ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද’ කියා. ඒ පරිසරයට සිදු වන හානිය අවම කර ගැනීම පිළිබඳවත් සිතමින් තමයි මේ කෙසෙල් කඳ උපයෝගී කර ගනිමින් අපේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත යෝගට් කොප්පය නිර්මාණය කළේ. එය ප්‍රධාන නිපැයුමයි. ඊට අමතර බත් ඇතුළු ආහාර ඇසුරුම් පෙට්ටි, ආහාර ඔතන කඩදාසි ලෙස ප්ලාස්ටික් ආශ්‍රිත ආහාර ඇසුරුම් සියල්ලට අපි විකල්ප ඇසුරුම් නිෂ්පාදනය කිරීමට සූදානම්.

     

    මෙම නිෂ්පාදන පෙළ වෙළෙඳපොළට හඳුන්වා දීමේ අභියෝගය මා හමුවේ පැවතුණා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තුවෙන් මා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවුණා. කර්මාන්තකරුවන්ට සවියක් වීමට, ඔවුන්ගේ ගැටලු ඍජුව අමාත්‍යතුමන්ට ඉදිරිපත් කිරීමට ලබා දී ඇති ‘සඳුදා කර්මාන්තකරුවන්ගේ දිනයේ දී තමයි මා එතුමා හමුවුණේ. මා හට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඇමතිතුමා ඉතා කැමැත්තෙන් මැදිහත් වුණා. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් කැඳවා අපේ මේ පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත ආහාර නිපැයුම් පෙළ වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වන ක්‍රියාදාමයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස එතුමන් උපදෙස් දුන්නා. ඒ නිසා මට මේ අභියෝගය ජය ගත හැකි යැයි විශාල විශ්වාසයක් ඇති වුණා. මගේ බලාපොරොත්තුව හැකි ඉක්මනින් අපේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කර මෙරට ජනතාව පරිසර හිතකාමී. සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයකට හුරු කර වීමයි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya