මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් පෞද්ගලික අංශය අතර තරඟකාරීත්වයක් ඇති කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙළයි

    සැප්තැම්බර් 03, 2020

    උපාධිධාරින්ට එළඹෙන සැප්තැම්බර් 17 වනදා දක්වා අභියාචනා කිරීමට අවස්ථාව

     

    රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය අතර තරඟකාරීත්වයක් ඇති කිරීම වත්මන් රජයේ වැඩපිළිවෙළයි

    උපාධිධාරින් රැකියාගත කිරීමේ රජයේ වැඩපිළි‍වෙළ යටතේ යම් උපාධිධාරියෙක් මග හැරී ඇත්නම් ඒ පිළිබඳව එළඹෙන සැප්තැම්බර් 17 වනදා දක්වා අභියාචනා කිරීමට අවස්ථාව ලබා දී  ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “උපාධිධාරීන් 50,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ඊයේ(02) පස්වරුවේ ජනාධිපති  කාර්යාලයේ දී පැවැත් වූ අතර ඊට අමතරව තවත් 12,000ක් දක්වා මෙම පිරිස වැඩි කිරීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය

    මෙතරම් විශාල උපාධිධාරින් පිරිසක් රජයට බඳවා ගැනීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රාජ්‍ය අංශය දුර්වල කිරීම සහ පෞද්ගලික  අංශය පමණක් ශක්තිමත් කිරී‍ම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වූ බවයි. 2002 වසරේ එම රජය විසින් ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර සේවකයන් ඉවත්කිරීමේ සිද්ධියේ ප්‍රථිඵලයක් ලෙස  අදටත් රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය කඩා වැටී අතැයිද අමාත්‍යවරයා පැවසීය.

    එහෙත් වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ උපාධිධාරින්, උගතුන් සහ බුද්ධිමතුන් රාජ්‍ය සේවයට එක් කිරීම සහ රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය අතර තරඟකාරීත්වයක්  ඇති කිරීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ ඔස්සේ රටට සහ පුරවැසියන්ට යහපත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.


    පෞද්ගලික සේවාවල E.P.F අංකයක් තිබීම නිසා උපාධිධාරියෙක් ලෙස බඳවා නොගැනීම පිළිබඳව ද ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එවැනි ගැටළු නිරාකරණය කිරීමට  රජය පියවර  ගෙන ඇති බවයි.

     

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි උපාධිධාරීන් 50,000ට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ පත්වීම් ලබා දීම ඊයේ සංඛේතවත් ලෙස  ආරම්භ වූ බව ද අමාත්‍යවරයා, පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    ඒ අනුව එළඹෙන 07 වන දා දක්වා ඔවුන් පුහුණු වැඩමුළු වලට යොදවන බව පැවසූ අමාත්‍යවරයා උපාධිලාභීන් 50,000කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි  60,000ක් බඳවාගැනීමට රජය තීරණය කළ බවද පැවසීය.

    ඒ අනුව ඊයේ දින රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ වෙති. රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ විශාල ආන්දෝලනයකට ලක් වූ භාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම්  පිරිනැමිණ.

    සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ  ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya