මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස විශේෂඥ කමිටුවක්

    සැප්තැම්බර් 03, 2020

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස පහත සදහන් විශේෂඥ කමිටුව පත්කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ය.

    අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේ ය.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් ජාතික සංවර්ධන වැඩසටහන තුළින් දිළිදුකම පිටුදකිමින් සියලු පාර්ශව වලට ප්‍රතිලාභ ලැබෙන අපනයන හා ආනයන ආදේශන නිෂ්පාදන ආර්ථිකයක් සදහා දේශීය හා විදේශීය ආයෝජන පහසුකම් පුළුල් කිරීම රජයේ ප්‍රමුඛතාවයකි.

    ඒ සදහා ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසදුම් ලබාදීම පිණිස ජනාධිපතිතුමන්ගේ සභාපතීත්වයෙන් පහත සදහන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විතව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත්කිරීමට යෝජනා විය.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2015 වසරේදී සිදුකරන ලද 19 වන සංශෝධනය හේතුවෙන් ඇතිවී තිබෙන විෂමතාවන් සහ අඩුපාඩු මගහැරවීම සදහා කෙටිකාලීන පියවරක් වශයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා වන කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2020 - 08 – 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.

    ඒ අනූව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එකී පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යතුමා විසින් අමාතය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

    එම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය හා අනුකූල නොවන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ 2/3කට නොඅඩු ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව පවතින බවටත් නීතිපති විසින් ලබාදී ඇති මතය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුනි.

    තවද, 2020-08-19 වන දින අමාත්‍ය මණ්බලය විසින් තීරණය කළ පරිදි අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස පහත සදහන් විශේෂඥ කමිටුව පත්කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළහ.

     ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා (සභාපති)
     ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා
     ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා
     ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා
     මහාචාර්ය නසීමා කමුර්දීන් මහත්මිය
     ආචාර්ය ඒ. සර්වේස්වරන් මහතා
     ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ මහතා
     මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න මහතා
     මහාචාර්ය ජී. එච්. පීරිස් මහතා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya