මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක කරගත් නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීමේ කැබිනට් පත්‍රිකාව තවදුරටත් අධ්‍යයනයට

    සැප්තැම්බර් 03, 2020

    ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක කරගත් නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවද ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඊයේ (2) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය තවදුරටත් අධ්‍යනය කිරීමට තීරණය කළ බවද සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (03) පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවසීය.

    මෙරට තවමත් ඇත්තේ ඉංග්‍රීසින් විසින් ලිපිකරුවන් බිහිකිරීම සඳහා හඳන්වා දුන් අධ්‍යාපන ක්‍රමය බවත් අපට එම අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන් එංගලන්තයේ පවා අධ්‍යාපන ක්‍රමය මේ වන විටත් වෙනස් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

     

    ශිෂ්‍ය කේන්ද්‍රීය, ප්‍රායෝගික සහ රැකියා කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් බිහි කර යුතු බවද අමාත්‍යවරයා කීය. මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් බිහි කර ගන්නා තුරු වසරක් පාසා මතුවන මෙම උපාධිධාරින්ගේ ගැටළුවට රජයට විසඳුම් ලබා දීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා කීය.ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලන උපාධිධාරියා සහ වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන උපාධිධාරියා අතර වෙනසක් පවතින බවත් ඒ සඳහා රජය අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya